සමාන්තර ලෝක ගැන මම ඉස්සල්ලාම දැනගත්තෙ "මායාබන්ධන" කතා මාලාවෙන්. මම හිතන්නෙ කව්රැත් බලලා ඇති. ඒකෙ කියවෙන්නෙ පාසල් කඳවුරකදි සිදුවන අහඹු සිදුවීමක් නිසා සමාන්තර ලෝකෙකට යන ලමයෙක්(පෝල්) සම්බන්ධවයි. ඒ කතාවෙ විදියට පෝල් යන සමාන්තර ලෝකෙ මිනිස්සු කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන් ම තමයි. හැබැයි උච්චාරනය ටිකක් වෙනස්.

ඒක ටිකක් විතර අතාත්විකද මන්දා...?

නැහැ ඒ සංකල්පයට අනුව නම් එය වියහැකි දෙයක්.
ඒ සංකල්පය හරිද වැරදිද ?

මට තේරෙන විදියට ඒක වෙන්නෙ මෙහෙමයි.....
භෞතික විද්‍යාවට අනුව ලොකයේ පවතින දේවල් කොටස් දෙකකට බෙදෙනවා පදාර්ථය හා ශක්තිය නමින්. විසි‍‍‍‍වන ශතවර්ශ‍ය මුල්කා‍ලෙ ‍‍‍වෙනකොට විද්‍යාඥයන්ගෙ අවධානය මේ සම්ප්‍රදායික පදාර්ථය හා ශක්තිය යන පදනමේ සිට පැහැදිලි කරන්න බැරි පරීක්ෂනාත්මක සංසිද්ධීන් වෙත යොමුවෙලා තිබුනා. "කෘෂ්ණ වස්තු විකිරණය" සහ "ප්‍රකාශ විද්‍යුත් ආචරණය" වගේ සංසිද්ධීන් පැහැදිලි කිරීමේදී විද්‍යාඥයන්(අයිස්ටයින්ලා ප්ලාන්ක්ලා) පදාර්ථයේ ශක්තිමය ස්වභාවයක් හා ශක්තියේ පදාර්ථමය ස්වභාවයක් ඇතිබව (A/L භෞතික විද්‍යාව - අන්තිම පාඩම) ඔප්පු කරමින් ඒවා පැහැදිලි කරා. එකමවෙලාවෙ තැන් දෙකක ඉන්න පුලුවන් ශක්ති තරංගයකට නමුත් පදාර්ථයට එහෙම බෑ. නමුත් පදාර්ථයට ශක්තියේ එම හැකියාව ලැබුනම මොකද වෙන්නේ?

ඒ අනුව ඇතිවෙච්ච මතයක් තමයි මේ සමාන්තර ලෝක.‍

ආලෝකය කියන්නෙ ශක්ති තරංගයක්. ඉලෙක්ට්‍රෝනය පදාර්ථමය අංශුවක් හැටියටයි අපි සලකන්නෙ, ඉලෙක්ට්‍රෝනයේ තරංගමය ස්වභාවය 1926 දී ජී. පී. තොම්සන් විසින් ඔප්පුකරල තියෙනවා. ඔහු 1937 දී භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය ද දිනාගත්තා.

ඔන්න තවදුරටත් පැහැදිලි කරන්නයි ‍යන්නේ

තරංගයක් කියන්නේ මොකක්ද?

උදා:- නිසල ජල බඳුනතට ගල් කැටයක් දැම්මම ඇතිවෙන්නෙ ජල තරංගයක්. ජලය නම් මාධ්‍ය කිසියම් රටාවකට කැලඹීම හා ඒ කැලඹීම


0 comments:

Post a Comment